Saturday, January 17, 2015

ඔන්න ඇඟ පුරාම පච්චා ගහපු වයසක පොරක් හිටියලු.

ඔන්න ඇඟ පුරාම පච්චා ගහපු වයසක පොරක් හිටියලු. ඇඟේ කොච්චර පච්චා තිබුනද කිව්වොත් පච්චයක් නැති තැනක් තිබුනේ නෑලු.. ඉතින් දවසක් මේ මනුස්සය ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කලාලු. පොරට සිහිය නෑලු.. ඉතිං මිනිහට සිහිය එනකං නර්ස් කෙනෙක් බෙහෙත් කරන අතරේ පොරගේ ඇඟේ තිබුන පච්චා ටික එකින් එක කියෙව්වලු..

"මග මැරුණත් කුණ ඇරපන් ගමට සුදා"
"අපි හොයලයි අපි කන්නේ"
"........"

ඔය වගේ නා නා ප්‍රකාර ඒවා තිබුනලු. ඉතිං ඔහොම කියෝගෙන යද්දී මේ නර්ස්ට ටිකක් විතර කැත හිතක් මතු වෙනවලු අහවල් දිහාත් පච්චයක් කොටලා තියද කියල බලන්න. කොහොම හරි කට්ටිය එහාට මෙහාට මිසිං වෙනකම් ඉඳලා ඒකත් බැලුවා කියමුකෝ..

ඔන්න දැන් ඒකෙ කොටලා තියනවලු "මදසින්" කියලා

මිසීට හරි කුතුහලේ..කල්පනා කරනවලු කරනවලු තේරුමක් ඇත්තෙම නෑලු වචනේ..පස්සේ හිතා ගත්තලු පොරට සිහිය ආවම පොරගෙන්ම අගහන්නවා කියලා.

ඔන්න ටික වෙලාවක් යද්දී පොරට සිහිය ආවා... පස්සේ මිසී, හිතේ නලියපු ප්‍රශ්නේ ඇහුවා.

"ලොකු උන්නැහේ "මදසින්" කියන එකේ තේරුම මොකක්ද ? "

"ආ..ඒකද ....මිසීට දැනගන්නම ඕනි නම් පොඩි ටච් එකක් දෙන්න කියලා"

ඉතින් මිසී ටච් එකත් කොහොමහරි දුන්නාය කියමුකෝ..

අන්තිමට මිසීට හරි පුදුමයිලු තේරුම දැකලා.

මොකක්ද දන්නවැයි ඔහෙලා එකේ තිබුණයි කියන තේරුම..

"මල්දෙණියේ සිමියොන්"

No comments:

Post a Comment