Saturday, January 17, 2015

දවස් කීපයක්ම ඇම්ඩට අත්පුඩි ගහනවා

දවස් කීපයක්ම ඇම්ඩට අත්පුඩි ගහනවා වගේ සද්දයක් අම්මයි තාත්තයි ඉන්න කාමරෙන් ඇහෙනවා.. ඉතින් එක දවසක් උදෙන් ඇම්ඩා මේ ගැන අම්මගෙන් ඇහුවා..

“අම්මේ හැමදාම රෑට ඔයාලගෙ කාමරෙන් සද්දයක් එනවා.. මං ඇවිත් බැලුවම අම්ම තාත්තාගෙ ඇග උඩ ඉඳගෙන බම්ප් වෙනව දැක්ක“

මේක ඇහුණ අම්මට පුදුම හිතුනා වගේම ලැජ්ජාවකුත් දැනුනා..

“හ්ම්.. මේ.. අර.. මේ.. මේකයි ඇම්ඩන් පුතේ.. තාත්තාගෙ බඩ මහතයිනෙ.. ඉතිං මං එහෙම කලාම තාත්තාගෙ බඩ අඩු වෙනවා“

“වැඩක් නැහැ. ඕකෙ හරි යන්නෙ නැහැ“ ඇම්ඩන් කිව්වා..

“ඒ ඇයි?“ අම්ම පුදුමෙන් ඇහුවා.

“අම්මා නැති දවසට අල්ලපු ගෙදර ඇන්ටි ඇවිල්ලා ආපහු තාත්තගෙ බඩ පුම්බනව මං දැකල තියෙනවා“

No comments:

Post a Comment