අලුත් වත්තෙ වජිරයයි,ඇමිඩා මල්ලියි,සුරංගයයි බෝගමිබරින් පැන්නෙ හෙනම ගේමක් දීලා...
පැන්නට මොකද ආතක්,පාතක් නැතිව තුන් දෙනාට දුවන්න උනා පොලිසියෙන් පන්නන්ට පටං ගත්තු නිසා.දැන් තුන්දෙනා දුවනවා.....පොලිසියෙන් පන්නනවා.......
පොලිසියෙන් පන්නනවා...මුං තුන්දෙනා දුවනවා....
පසු කරමින් මහ කඳු වැටි,ඕ විටි.....
පාලු රබර් වතු ,බඩ වැටි...
පය පැකිලී බිම ඇද වැටි,වැටි.....
දුවනවා....
දුවලා,දුවලා මුං තුන් දෙනා පරන අත ඇරලා දාපු හේනකට රිංගුවා...
හේනෙ තිබුනා පොඩි පැලක්..
තුන්දෙනා මේ පැලට රිංගනකොට පොලිසිය හේන වට කරල ඉවරයි...
ගහපු ප්ලෑන් ඔක්කොම වතුරෙ....දැං මොකද කරන්නෙ....
වට පිට බලපු සුරංගය දැක්කා පරණ ගෝනි තුනක්....
,,මචං අර ගෝනි අස්සට රිංගගමු....
සුරංගය යෝජනා කරා...,,,,
හරි මචං එළ....අලුත් වත්තෙ වජිරයා ඉස්තීර කරා...
දැං තුන්දෙනා ගෝනි අස්සෙ සද්ද නැතිව ඉන්නවා....
:පොලිසියත් ටික,ටික පැලට කිට්ටු කරා...,
..,,කොස්තාපල් බලනව පැලේ මොනවද තියෙන්නෙ කියලා....,,
කොස්තාපල් පැලට රිංගුවාම තියනවා ගෝනි තුනක්.......
ගෝනි තුනක් තියනවා සර්.......
බලනව,බලනව මොනවද කියලා....
කොස්තාපල් ගැහුව අලුත් වත්තෙ වජිරය ඉන්න ගෝනියට පයිං....
ගන දෙවි නුවන පහලවුන වජිරයා හයියෙං බව්.....බව්.....කිව්වා...
සර් පලෙවෙනි ගෝනියෙ බල්ලෙක්,,
අපෝ ලිහංට එපා....බලනවා අනික...
කොස්තාපල් ගැහුව දෙවනි ගෝනියට පයිං....
සුරංගය හිටියෙ....,
ඤාව්.........ඤාව්.......
සුරංගයා සද්දයක් දැමිමා....
සර් ඒකෙ පුසෙක්,කොස්තාපල් කිව්වා..
අපෝ වැඩක් නෑ.....බලනව අනික් ගෝනිය.....
කොස්තාපල් ගැහුව තුන්වෙනි ගෝනියට පයිං.....
ඇමිඩා කලබල උනේ නෑ.....
හිමීට කිව්වා....සර් මේකෙ කුරක්කං කියලා....
(මතක විදිහට තුං දෙනා නුවරට ගෙනාවෙ වඩාගන)
No comments:
Post a Comment