Sunday, January 18, 2015

ඔන්න එක මනුස්සයෙක් හිටියලු වි.ජ.මු කියලා..

ඔන්න එක මනුස්සයෙක් හිටියලු වි.ජ.මු කියලා..(ලොකුබණ්ඩාර නෙවෙයි....හරිද ? )..මිනිහා කැම්පස් එකක සිංහල කථිකාචාර්ය කෙනෙක්...
දවසක් මිනිහා ගියාලු ඈත පිටිසර ගමක ඉස්කෝලෙකට දේශනයක් පවත්වන්න...ඔන්න දැන් දේශනේ ඉවර වෙලා මිනිහා හිතුවලු මිනිහගේ ලොකු කම පෙන්නන්නත් එක්ක ළමයින්ගෙන් ප්රශ්න වගයක් අහන්න...ශාලාව පිරෙන්න ළමයිනුයි,ටීචර්ස් ලායි ඉන්නවලු දැන්....

දැන් ඔන්න මිනිහා ගියාලු ළමයෙක් ගාවට...ගිහින් ඇහුවලු මෙහෙම...'පුතා...පුතාගේ නම මොකද්ද' කියලා...ඌ කිවුවලු 'සර් මගේ නම L.B රත්නායක' කියලා.. වි.ජ.මු ඇහුවලු 'මොකද්ද පුතා L.B කියන්නේ' කියලා..ඌ කිවුවලු ' ලොකු බණ්ඩා' කියලා...
ඊට පස්සේ වි.ජ.මු කිවුවලු 'නෑ පුතා ඔයා අද ඉදලා ලො.බ රත්නායක' කියලා..(ලො.බ කියන්නේ ලොකු බණ්ඩා කෙටි කරලා හරිද..? )

වි.ජ.මු ගියාලු තව ළමයෙක් ගාවට...
වි.ජ.මු : කියන්න බලන්න පුතාගේ නම
2 ළමයා : කුසල් නුවන් ගයාන්....
වි.ජ.මු : එහෙනම් පුතා ඔයා අද ඉදලා කු.නු ගයාන්...කියලා කිවුවලු

ගියාලු තව ළමයෙක් ගාවට....
වි.ජ.මු : මොකද්ද පුතා ඔයාගේ නම...
3 ළමයා : '(ය)සිත (කෝ)සල බණ්ඩාර'....කිවුවලු
වි.ජ.මු : 'එහෙනම් ඔයා අද ඉදන් ය.කෝ බණ්ඩාර'.....කිවුවලු...

ඔන්න එහෙම කියද්දිම 1 වසරේ කොල්ලෙක් අඩාගෙන දුවගෙන ආවලු...
කොල්ලා : 'සර් කියන විදියට මගේ නම කෙටි කලොත් පන්තියේ ළමයි මට හිනාවෙයි' කිවුවලු....
වි.ජ.මු : මොකද්ද පුතා පුතාගේ නම...?
කොල්ලා : 'පුලස්ති කංකානම්ලාගේ සුරාජ් දුමින්ද පෙරේරා'...කියලා කිවුවලු
වි.ජ.මු : 'එහෙනම් පුතා ඔයා අද ඉදලා පු.ක සු.දු පෙරේරා'...කියලා කිවුවලු....

දැන් තමයි හොදම හරිය...
වි.ජ.මු ගියාලු ටීචර් කෙනෙක් ගාවට.....
'අපි දැන් ළමයි ඔක්කෝගෙම නම් කෙටි කලානේ....එහෙනම් දැන් ටීචර්ගේ නමත් සිංහල ක්රමේට කෙටි කරමු' කිවුවලු..

වි.ජ.මු : 'ටීචර් කියන්න බලන්න හැමෝටම ඇහෙන්න ටීචර්ගේ නම මොකද්ද කියලා...'
ටීචර් : 'හුන්නස්ගිරි කන්කානම් මුදියන්සේලාගේ දමයන්ති සිරියලතා..' කියලා කිවුවලු...
හුටා.....වි.ජ.මු මුකුත් නොකියා ශේප් එකේ එතනින් මාරු උනාලු...
( ටීචර් ගේ නම ඔයාලම කෙටි කරගන්න හොදේ.....?? )
- ප.ලි : නම් ගම් මන:කල්පිතයි කාගේ හරි නමකට අපහාසයක් උනානම් සමාවෙන්න....!!!!

No comments:

Post a Comment