Sunday, January 18, 2015

ඒ කාලේ රජා රෑට වෙස් වලාගෙන මිනිස්සුන්ගෙ

ඒ කාලේ රජා රෑට වෙස් වලාගෙන මිනිස්සුන්ගෙ දුක සැප බලන්න සමාජ සේවයේ යනවනේ! ඉතිං
අන්දරේ රජ වාසලේ ඉඳපු කාලේත් රජා එහෙම යනවලු! ඉතිං මේකෙං චාන්ස් එක ගත්ත ඇමැතියෝ ටිකයි අන්දරේ ඇතුලු සෙට් එක රජා නැති වෙලාවට දේවියගෙ සිරිහයන් ගබඩාවට රිංගනවලු අරක කරන්න! (අරක කියන්නෙ දන්න අය දන්නවනේ!)

දැන් ඕක රජාට මාර ප්‍රශ්නේ! මොකද රජා එන වෙලාවට රජාට නිදියන්න වෙන්නේ වේලි වේලි! බිසව දොයි යසට!!

හොර අල්ලන්නත් එක්ක පස්සේ දවසක් රජා දේවියගේ අහවල් ස්ථානයේ බ්ලේඩ් තලයක් (ඒකාලේත් තියෙන්න ඇති!) ස්ථාන ගත කරලා රෑ වැඩට ගියාලු!

පහුවුදා ඇමතිලා පුරෝහිතලා ලෙඩ නිවාඩු දාලලු මෙන්න මෙහෙම!
“කකුල කැපී ඇත! නිවාඩු අයදිමි!“
“ලෙඩ නිවාඩු අයදිමි“
“හදිසි අනතුරක් නිසා නිවාඩු අයදිමි“ වගේ එක එක තාලෙට!

අන්දරේ විතරක් නිවාඩු දාල නැල්ලු! මිනිහා අමාරුවෙන් වාසලේ ඉන්නවලු! ඇඹරි ඇඹරි! වැඩි කතාවක් නැල්ලු වෙනද වගේම!

ඉතිං ළගට ගිය රජා ඇහැව්වලු
“මොකද අන්දරේ අද මේ තරං කට්ටියම නිවාඩු“ කියලා

අන්දරේ අමාරුවෙන් කියනවලු
“අලේ මල්ල ලලතුමනි මල උංගෙන් ඒව අහලව තියා කලා කලල්ලත් බෑ“ කියලා!!

No comments:

Post a Comment