දැන් ඉතින් මෙතන වැඩිහරියක් ඉන්නෙ කවියොනෙ, මුං රෙන්න ගියත් කවි කියන එව්වොනෙ. ඉතින් මගුල් සබාවත් එකම කවි මඩුවක් වෙලා කස්ටිය හිටු කියල කවි කියනවලු. මනාල ජෝඩුවත් පැත්තකින් ඉදගෙන ඉන්නවලු. වැඩේ මේම මේම යන අතරෙ එක කවියෙක් මෙන්න මෙහෙම කවියක් කිව්වලු.
හිස සිට දෙපතුලට සුදු සලුපිලි අන්දා
සුදුහාමිනේ කොයි ගෙන යනවද මන්දා
ඉතින් කවි මඩුවෙ සිරිතනෙ ඕකට පිලිතුරු කවිය දෙන එක. ඔතන හිටියා, නෑ කමින් ඇම්ඩගෙ සීය කෙනෙක්ද කොහෙද වෙන පොරක්. මේ නාකි ඩෑල් එක පැනපු ගමන් මෙන්න මෙහෙම කිව්වලු
ඉපදුන දා ඉදන් ගෙයි දගකල හන්දා
දඩුවම් දෙන්න ගෙන යයි උල උඩ ඉන්දා
No comments:
Post a Comment