Saturday, January 17, 2015

බීම..

බීම..

ඔන්න දවසක් කොළඹ බාර් එකකට සුද්දෙක් ආවලු. මූ කිව්වලු මෙන්න මෙහෙම.

"මම අහල තියෙන හැටියට නම් ලංකාවේ ඉන්න ඈයොන්ට හොඳට බොන්න පුළුවන්. අද මෙතන ඉන්න කවුරු හරි වොඩ්කා බෝතල් 2ක් බිව්වොත් මම ඌට ඩොලර් ලක්ෂයක් දෙනවා" කියලා.

ඔහොම කිව්වා විතරයි ලු මෙතන හිටපු මෑන්ස් කෙනෙක් ටක්ගාලා නැගිටලා යන්න ගියාලු.

ඔන්න ඉතින් කට්ටිය බොන්න පටන් ගත්තලු. ඇයි ඉතින් දිනුවොත් 'කල්ල මරේ' නේ. ඒ වුණාට කාටවත් බෝතලයක්වත් බීගන්න බෑලු. දැන් ඉතින් සුද්දට ෆන් ලු. ටික වෙලාවක් යනකොට අර නැගිටලා ගියපු එකා ආපහු ආවලු.

"අර බෙට් එක තාමත් තියෙනවද?"
"ඔව්"

ඔන්න ඉතින් මූ පළවෙනි බෝතලේ බිව්වලු. කට්ටිය ඉතින් හොල්මන්ලු. ඔන්න 2ත් බිව්වලු. සුද්දට ඉතින් බඩු තමයි. 2න් නතර වුණා නම් මැදෑ. මූ තව බාගෙකුත් ගහලලු කිව්වේ 'මට දැන් හරි කියලා'. සුද්දා ඉතින් කරන්න දෙයක් නැතිකමට ඩොලර් ලක්ෂෙක චෙක් එකක් ලියලා දුන්නලු. සුද්දාට සංසාරේ එපාවෙලා යන්න හදනකොට ආපහු ඇවිත් ඇහුවලු මෙහෙම.

"මිස්ටර්, ඔයා අර මම ඇවිත් බෙට් එක දාපු ගමන්ම කොහෙද නැගිටලා ගියේ?"

මූ කියනවලු මෙහෙම...

"ආ.. මම මේ ඕක කරන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරන්න එහා පැත්තේ බාර් එකට ගියා.."

No comments:

Post a Comment