තර්ක ශාස්ත්‍රය
--------------
දිනක් නීතිඥවරයෙකු සහ ඇම්ඩම් සතුටු සාමීචියේ යෙදී සිටින විට ඇම්ඩම්
නීතිඥවරයාගෙන් තම දැනුම පිලිබඳ ඇසීය. තම තර්කශාස්ත්‍රය පිලිබඳ වූ දැනුම
ඇම්ඩම් හට උදාහරණයකින් පැහැදිලි කිරීමට සිතු නීතිඥවරයා මෙසේ කීවේය.
නීතිඥවරයා: "දැන් බලපන් ඇම්ඩො උඹ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"
ඇම්ඩම්: "ඔව් තියෙනවා"
නීතිඥවරයා: "අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුළුවන් තමුසේට ගෙවත්තක් තියෙනවා කියල, මම හරිද?"
ඇ: "හරි නේන්නම්, මට ගෙවත්තක් තියෙනවා"
නී: "හරි උඹට ගෙවත්තක් තියෙනවා කියන ඒකෙන් මට කියන්න පුළුවන් උඹට ගෙදරක් තියෙනවා කියල"
ඇ: "හරි හරි ඒකත් හරි"
නී: "උඹට ගෙදරක් තියෙනවා කියන්නේ උඹට පවුලකුත් ඉන්න ඕනේ"
ඇ: "හරිනේ මට පවුලකුත් ඉන්නවා"
නී: "උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැඳලා"
ඇ: "ඔව් ඔව් මම බැඳලා තමයි"
නී: "හරි එතකොට මට ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් උඹ සමලිංගියෙක් නෙමෙයි කියල"
ඇ: "ඒකත් හරි. උඹනම් මාර එකෙක් මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ ඔක්කොම කිව්වනේ!"
නී: "ඉතින් ඕකට තමා තර්කශාස්ත්‍රය කියන්නේ"
කතාව නිමවී ඇම්ඩා මේ ගැන සිතමින් පාරේ යන විට තම ළඟම මිතුරෙක් වූ පියල්
හමුවිය.තම ඥානය ගැන කයිවාරු ගැසීමට සිතු ඇම්ඩා පියල්ට කතාකොට මෙසේ ඇසීය,
ඇ: "තමුසේ දන්නවද තර්කශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියල?"
පි: "අනේ නැනේ ඇම්ඩො මොකක්ද ඒ?"
ඇ: "හරි මම කියල දෙන්නම්, තමුසේ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"
පි: "නෑ"
ඇ: "එහෙනන් තමුසේ සමලිංගිකයෙක්"
No comments:
Post a Comment