Saturday, January 17, 2015

ෆොටෝ මෙමරි

*** ෆොටෝ මෙමරි ***

එක උත්සවයකදි පන්තියේ ළමයි ඔක්කොම එක ඡායාරූපයකට පෙනී හිටියලු. දැන් පන්තියේ ටීචර් හැමෝටම එක කොපිය ගානෙ දෙන්න උපරිම උත්සහයක යෙදෙනවලු.. ටීචර්ටත් පොඩි ලාභයක් ඒකෙන් තියෙන්න ඇතිනෙ.. ඉතින් දැන් කට්ටියව මේකට කැමති කරවගන්න ටීචර් මෙහෙම කියනවා..

“හිතල බලන්න ළමායි.. ඔයාලා හැමෝම ලොකු වෙලා මේ ෆොටෝ එක බලද්දි ඔයාලට මොන වගේ සතුටක් දැනෙයිද කියල... එතකොට ඔයාල කියයි.. ‘මේ ඉන්නෙ මල්කාන්ති දැං එයා ගුරුවරියක් , මේ ඉන්නෙ ගුණපාල දැං එයා දොස්තර මහත්තයෙක්“

ටීචර් මෙහෙම කියාගෙන යනකොට පන්තිය කොනට වෙලා හිටිය ඇම්ඩ කෑ ගහල මෙහෙම කියනවා..

“එතකොට මේ ඉන්නෙ අපේ ටීචර්. දැං එයා මැරිල“

No comments:

Post a Comment